සිරස ගුවන් විදුලි නාලිකාවෙන් ප්‍රචාරය වුණු ‘ආදරේ අහස තරම් ‘ ජනපි‍්‍රය ගුවන් විදුලි නාට්‍යය ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය වේ.
ගංගා ෂයිනි ගමගේ, තිර රචනය කර ඇති ‘ආදරේ අහස තරම් ‘ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ නව පරපුරේ අධ්‍යක්‍ෂවරයෙකු වන සාරංග මෙන්ඩිස්ය.
මුතු තරංගා සහ මේනක රාජපක්‍ෂ ප්‍රධාන චරිත රඟන මෙහි සෙසු චරිත, බුද්ධදාස විතානාරච්චි , නිලන්ති විජේසිංහ, නෙතලි නානායක්කාර, පුබුදු ගමගේ, ජගත් බෙනරගම, කුමාර තිරිමාදුර, රෙබෙකා නිර්මලීගෙනි. පළමු අදියර රූගත කිරීම නිම වී ඇති මෙහි, පී.කේ. ලෙනාඩ් කැමරාකරණයෙන්ද, රොෂාන් විජේසිංහ, අංග රචනයෙන්ද, බන්දු ජයමාල්, කලා අධ්‍යක්‍ෂණයෙන්ද දායක වන මෙහි සහාය අධ්‍යක්‍ෂණය ලසන්ත මධුශාන් සහ සුගන්ධ පෙරේරාගෙනි. ‘ආදරේ අහස තරම් ‘ හැරල්ඩ් විජේසිංහගේ නිෂ්පාදනයකි.
Category: 0 comments

Blog List